26.9 C
Galle

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන් තිදෙනාට වෙන්න යන දේ

Published:

විනය විරෝධී හැසිරීමට වරදකරුවන් වී ක්‍රිකට් තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී කරවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා කණ්ඩායම් කළමනාකරීත්වයට දැනුම් දී තිබේ.

එසේ ශාරීරක යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වීමට ඔවුන්ට අවස්ථාවව දුන්න ද ක්‍රිකට් තහනම මේ දක්වා ඉවත්කර නොමැති බව ඈෂ්ලි ද සිල්වා පවසයි.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් තිදෙනාට අන්තර් පළාත් තරගාවලියට සහභාගි වීමට අවසර ලැබී ඇත. එංගලන්ත සංචාරය අතරතුර විනය විරෝධීව හැසිරීම හේතුවෙන් පැනවූ වසරක තහනමට අමතරව රුපියල් කෝටිය බැගින් කෝටි තුනක දඩයක් ද ඔවුන්ට නියම කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!