26.8 C
Galle

අද මහ වැසි ඇතිවන හැටි දැනගන්න

Published:

ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හටගෙන ඇති බැවින් රට පුරාම වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා වාර්තා පෙන්වාදෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ හේතුවෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධයම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මීට අමතරව සබරගමුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක, බස්නාහිර පළාත යන ප්‍රදේශවලටත් සවස හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ තිබේ.

රත්නපුරය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්මවන වර්ෂාපතනයක් ද පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලට මිලිමීටර 50 ඉක්මවන වර්ෂාපතනයක් ද ඇතිවීමට ඉඩ තිබේ.

Related articles

spot_img
error: Content is protected !!