26.9 C
Galle

විදුලි කප්පාදුව නැවත දැනුම් දෙන තුරු

Published:

නැවත දැනුම් දෙනතුරු ඉරිදා හැර අනිකුත් සෑම දිනක ම පැයක කාලයක් විදුලිය කප්පාදුකරන බව විදුලිබල මණ්ඩලය නිල වශයෙන් පවසයි.

මීට පෙර දැනුම් දුන් පරිදි කලාප වශයෙන් සවස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා ඒ ඒ කලාපවලට විදුලිය විසන්ධි වෙයි.

විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග පවසන්නේ තෙල් ගෙන්වීමට ඩොලර් නොමැතිවීම, ගල් අඟුරු තොග අවසන් වූ විට යළි ගල් අඟුරු සැපයීම සඳහා සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම සහ ජල විදුලිබලාගාරවල උපරිම ධාරිතාව නොමැතිවීම යන කරුණු හේතුවෙන් අවම වශයෙන් මැයි මාසය දක්වා විදුලි කප්පාදුව අඛණ්ඩව සිදුවනු ඇති බැවයි. දැනට දිනකට පැයක කාලයක් විදුලිය අහිමි වුව ද ඉදිරියේ දී එය පැය 02කට වැඩි කාලයක් දක්වා විය හැකි බව ද විදුලිබල මණ්ඩල සේවකයෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!