31.6 C
Galle

කරාපිටිය රෝහලේ බත් පතටත් හෙනහුරා ලබයි

Published:

කැකුළු හාල් මිල දී ගැනීමට නොහැකිවීම හේතුවෙන් දැනට දින කිහිපයක සිට කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සපයන බත්වේලට ඇත්ත‍ේ සුදු හාලෙන් සැකසූ බත් පමණි.

දියැවැඩියාව වැනි ආහාර පාලනය කළ යුතු රෝග සහිත නේවාසික රෝගීන්ට නියමිත ප්‍රමිතියකට අනුව ආහාර සැපයීම රෝහලමගින් සිදුකරයි. එවැනි රෝගීන් සහා අනිවාර්යයෙන් ම කැකුළු හාලෙන් පිසින ලද බත් සැපයීම සිදුවුව ද මේ වනවිට කිසිදු ස්ථානයකින් කැකුළු සහල් මිල දී ගැනීමට නොහැකිවීමෙන් රෝහලේ නේවාසික රෝගීන් සියලු දෙනාට සපයනු ලබන්නේ සුදු හාල්යොදා සකසන ලද ආහාරවේලකි.

Related articles

spot_img
error: Content is protected !!