29.4 C
Galle

දකුණේ කොරෝනා රැල්ල දරුණු වෙයි. රෝගීන් වාර්තාවීම කිහිප ගුණයකින් වැඩි වෙලා

Published:

දකුණු පළාතෙන් වාර්තාවන දෛනික  කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යමින් තිබේ.

ජනවාරි 10 වැනි දා සිට 18 වැනි දා දක්වා අවසන් වූ දින 09ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 1,106ක් වාර්තා වී ඇති අතර ජනවාරි 19 වැනි දා සිට ඊයේ (27) දක්වා ගත වූ දින 09 දී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,905කි.

මෙම කරුණු සනාථ වන්නේ දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය මගින් නිකුත් කරනු ලබන දෛනික වාර්තා පිරික්සීමේ දී ය.

දීර්ඝ නිවාඩු කාලයන් හි දී රට පුරා පදිංචි අති විශාල පිරිසක් දකුණු පළාතේ සංචාරයේ යෙදුණු අතර විදෙස් සංචාරකයෝ ද විශාල වශයෙන් දකුණු පළාතේ මුහුදු බඩ ප්‍රදේශවල සංචාරය කළහ. මෙලෙස සංචාරයේ යෙදී ම කොරෝනා වසංගතය යළි හිස එසවීම සඳහා හේතුවනු ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වාදුන්න ද සංචාරයේ අඩුවක් තිබුණේ නැත.

Related articles

spot_img
error: Content is protected !!