30.5 C
Galle

පාර බදුගත් යතුරුපැදි රැළියක රුපියල් කෝටියට වඩා වටිනා අනවසර යතුරුපැදි ?

Published:

බස්නාහිර පළාතේ සිට දකුණු පළාත දක්වාත් නැවත දකුණේ සිට යළි බස්නාහිර දක්වාත් ඊයේ (30) අධිබලැති එන්ජින් සහිත යතුරුපැදි 100ක් පමණ එකවිට රැළියක ආකාරයෙන් ධාවනය වූ බව වාර්තාවේ.

බලපිටිය ප්‍රදේශයෙන් මේ රැළිය ගාල්ල දෙසට ධාවන වෙද්දී පොලිස් යතුරුපැදියකින් එයට ආරක්ෂාව පවා ලබාදුන් බවත් පාරපුරාම සියලු මාර්ග නීති උල්ලංඝනය කරමින් මේ යතුරුපැදි රැළිය ධාවනය වූ බවත් එම ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදියකු කියා සිටියේය.

මේ පිළිබඳ සොයා බැලීමේ දී අනාවරණය වූයේ ශ්‍රී ලංකාවේ ධානයට අනුමැතියක් නොමැති යතුරුපැදි රැසක් මෙලෙස ධාවනය කර ඇති බවයි. මේ අතර සවස එම යතුරුපැදි රැළිය යළි කොළඹ දෙසට ධාවනය වෙමින් තිබිය දී අලුත්ගම පොලිසිය විසින් යතුරුපැදි දෙකක් සමඟ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් පැදවූ යතුරුපැදි දෙක එකක් රුපියල් ලක්ෂ 120ක් පමණ වන අධිබලැති එන්ජින් සහිත මෙරට ධාවනයට අනුමැතිය නැති යතුරුපැදි බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුතර පදිංචි තරුණයන් දෙදෙනෙකි.

Related articles

spot_img
error: Content is protected !!