28.7 C
Galle

පයාගල මුහුදු වෙරළේ නිරුවත් මළ සිරුරක්. ඝාතනයක් බවට සැකයක්

Published:

පයාගල මුහුදු වෙ‍රළේ තිබී නිරුවත් පුද්ගල මළ සිරුරක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

මම මළසිරුර තිබූ ස්ථානයට පැමිණි හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි එය ඝාතනයක් විය හැකියැයි සැකයක් ඇති බැවින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට කටයුතු කර තිබිණි.

‍අද (04) උදෑසන මෙම මළ සිරුර දුටු අයකු පොලිසියට ඒ බව දැනුම් දී තිබේ. මියගිය පිරිමි පුද්ගලයාගේ වම් වැලමිට අසළ සහ පපුවේ තැලීම් තුවාල දක්නට ලැබෙන බව ද පොලිසිය කියයි.

පයාගල දළුවත්ත, ප්‍රගතිි මාවත මුහුදු වෙරළෙන් අවසන්වන ස්ථානයේ වැටකෙයියා පඳුරක් අසළ මෙම මළ සිරුර තිබී ඇත.

පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!