29.4 C
Galle

නිලාවේලි මුහුදේ දී මාතලේ තරුණයෙක් මියයයි

Published:

නිලාවේලි මුහුදේ දිය නෑමට ගිය තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.

මෙසෙ මියගොස් ඇත්තේ තලාතුඔය, දඹගහවෙළ, පට්ටියමුල්ල පදිංචි නලින් ප්‍රියන්ත (21) නමැති අයෙකි.

මාතලේ පුද්ලික කර්මාන්තශාලාවක සේවකයන් පිරිසක් පැමිණි විනෝද සංචාරයක දී ඔවුන් දිය නෑමට ගොස් ඇති අතර ඒ අතරින් තිදෙනකු මුහුදේ ගසාගෙන ගොස් ඇත. පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ නාවික හමුදා වෙරළාරක්ෂක බලකාය දෙදෙනකු බේරාගෙන ඇත.

පොලිසිය පවසන්නේ ඔවුන් දිය නෑ ස්ථානයේ ආරක්ෂිත ප්‍රදේශ සළකුණු කර ඇති බවයි. නමුත් ඔවුන් තිදෙනා ඉන් පිටත ප්‍රදේශයට ගොස් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!