29.4 C
Galle

දින 05කින් දුම්රිය ධාවනයත් නතර වෙයි ද ?

Published:

දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඉන්ධන නොලැබී ගියහොත් දින 05ක දී දුම්රිය ධාවනය නැවතීමේ අවදානමක් තිබේ. දින 10ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තබා ගැනීමේ පහසුකම් ඇතත් මේ වනවිට ඇත්තේ දින 05කට ප්‍රමාණවත් ඉන්ධන පමණි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසන්නේ දිනකට දුම්රිය දෙපාර්ත‍මේන්තුවට ඉන්ධන ලීටර 100,000ක් අවශ්‍ය බවයි. එබැවින් ලංකා ඛනිජි තෙල් නීතිගත සංස්ථාව මගින් දෛනිකව ඉන්ධන මිල දී ගැනීම සිදුවන බව ද සාමාන්‍යාධිකාරීවරයා සහන් කළේය.

දැනට ඇති ඉන්ධන දින 05කට පමණ ප්‍රමාණවත් බැවින් ඉන්ධන ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන බව ද හෙතෙම සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!