29.4 C
Galle

යුක්රේන සහ රුසියා ජාතිකයන්ගේ වීසා කාලය දික්කරයි

Published:

යුක්රේනය සහ රුසියාව අතර ඇතිවී තිබෙන යුදමය තත්වය හේතුවෙන්, එම රටවල් දෙකෙහි සියලු ගුවන් ගමන් නවතා දමා ඇති බැවින් මෙරටට පැමිණ සිටින යුක්රේන සහ රුසියානු වැසියන්ගේ වීසා කාලය දික්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මේ වනවිට යුක්රේනයේ සිට මෙරටට පැමිණි සංචාරකයන් 4,000ක් පමණ ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන්ගේ වීසා කාලය අමතර ගෙවීමකින් තොරව ම මාස දෙකකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Related articles

spot_img
error: Content is protected !!