29.4 C
Galle

ගාල්ලේ යද්දී, ඇල්ලේවල දිය නෑ දෙදෙනකු මරුට

Published:

වැල්ලවායේ, ඇල්ලේවෙල දිය ඇල්ලේ දී තරුණයන් දෙදෙනකු අද (01) දහවල් මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

මඩකලපුවේ සිට වැල්ලවායට පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඇල්ලේ දිය නෑමට ගොස් මෙලෙස අනතුරට පත්ව තිබේ. ඔවුන් විනෝද සංචාරයක් සඳහා ගාල්ලට යන අතරතුර මෙලෙස දිය නෑමට ගොස් තිබේ. තරුණයන් හත් දෙනකු දිය නෑමට ගොස් ඇති බවත් මෙම දෙදෙනා අනතුරට පත්ව දියේ ගිලී මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!