27.5 C
Galle

ශ්‍රී දළදා මාළිගාවට බ්‍රවුන්ස් සමාගමේ කොටස් කෝටියක් පරිත්‍යාග කරයි

Published:

එල්ඕඑලසී සමාගම් ජාලයෙහි ප්‍රධාන පෙළේ කොටස් හිමියකු සහ අධ්‍යක්ෂවරයකු වන සමන්ත අමරසේකර විසින් මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටසක අගය රුපියල් 11.90 බැගින් වූ කොටස් ලක්ෂ 100ක ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත.

සමන්ත අමරසේකර මහතා විසින් මීට පෙර හෙල්පේජ් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සඳහා ද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස් ලක්ෂ 50ක් පරිත්‍යාග කරන ලදී.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) ගනුදෙනු 24,778ක් සිදුකරමිින් සමස්ත පිරිවැටුම රුපියල් 2,071ක් ලෙස වාර්තා විය.

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 243කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 11,162ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 390
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 229
  • ලකා අයිඕසී සමාගම රුපියල් මිලියන 187

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 19
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 05
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සපුගස්තැන්න වැවිලි සමාගම 24%
  • මහවැලි කොකනට් සමාගම 17%
  • උඩුපුස්සැල්ලාව වැවිලි සමාගම 12%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 528
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 437
  • කමර්ෂල් ලීසිං සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  288

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම කොටස් 750,000ක් රුපියල් 41.00 බැගින්
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10යි රුපියල් 11.90 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 73ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 18ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 55ක් ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර

  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 30
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 13
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 09
  • සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 02
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 01

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 03
  • යුනියන් බෑන්ක් රුපියල් 900,000
  • සම්පත් බැංකුව රුපියල් 600,000
  • කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් 200,000
  • ලංකා ටයිල්ස් සමාගම රුපියල් 200,000

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!