27.2 C
Galle

අඹන් ගඟට දිය නෑමට ගිය කාන්තාවක් අතුරුදන්

Published:

මාතලේ අඹන් ගඟේ දිය නෑමට ගිය 04 දෙනකු දියේ ගසාගෙන ගොස් එක් අයකු අතුරුදන්ව ඇතැයි මහවෙල පොලිසිය පවසයි.

ඥාති නිවසකට පැමිණි මෙම සිව් දෙනා දිය නාමින් සිටිය දී බෝවතැන්න ජලාශයේ ජලය අඹන් ගඟට මුදාහැරීමෙන් ජලයේ වැඩිවී ඇත. ඔවුන් ගසාගෙන යද්දී ප්‍රදේශවාසීන් විසින් තිදෙනකු බේරාගෙන ඇති බව පොලිසිය කියයි.

ඉන් එක් අයකු වයස අවුරුදු 06ක් පමණ වූ දැරියකි. ඇය ගස් කොටයක එල්ලී කිලෝ මීටර එකහමාරක් පමණ පහළට ගසාගෙන ගොස් තිබිණි. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කතරගම ප්‍රදේශයෙන් පැමිණි පිරිසකි. අතුරුදන්ව ඇති කාන්තාවව සචිනි නිසංසලා නමැති 22 හැවිරිදි අයෙකි.

Related articles

spot_img
error: Content is protected !!