27 C
Galle

භූමිතෙල් ගැනීමට පෝළිමේ සිටි අයෙක් මියයයි

Published:

භුමිතෙල් මිල දී ගැනීමේ අපේක්ෂාවෙන් මහනුවර නගරයේ ඉන්ධන පිරවුම්හළක පෝළිමේ දිගු වේලාවක් සිටි පුද්ගලයකු ඇදවැටී මියගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ උඩතලවින්නේ පදිංචි මොහොමඩ් ඉල්ලියාස් නමැති අයෙකි.

70 හැවිරිදි වියේ පසුවූ එම පුද්ගලයා ඇද වැටීමෙන් පසු සුවසැරිය ගිලන් රථයකින් මහනුවර රෝහලට ගෙන ගිය ද ඔහු අතරමග දී මරුමුවට පත්ව ඇත.

ඇසින් දුටු අය පොලිසියට පවසා ඇත්තේ දැඩි අව්රශ්මියෙන් පීඩා විඳිමින් ඔහු දිගු වේලාවක් භූමිතෙල් පෝළිමේ සිටි බවයි. නමුත් වර්ෂාව ඇදහැළුණු බවත් ඒ සමඟම ඔහු ඇදවැටුණු බවත් පෝළිමේ සිටි අනෙක් පුද්ගලයන් පොලිසියට පවසා ඇත.

Related articles

spot_img
error: Content is protected !!