30.5 C
Galle

“ගාලු පොත් වසන්තය” හෙට සිට සමනල ක්‍රීඩාංගණයේ දී

Published:

“ගාලු පොත් වසන්තය 2022” පොත් ප්‍රදර්ශනය හෙට ( 22) වැනි දා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. හෙට සිට මාර්තු 27 වැනි දා දක්වා දින 06ක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සෑම දිනකම උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙයි.

ගාල්ල මහ නගර සභාව සහ සියනෑ මිතුරෝ කලා සහ සංස්කෘතික පදනම එක්ව සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශ භූමියට ඇතුළුවීම නොමිලයේය.

එහි දී පොත් දොරට වැඩීමේ උත්සව, “ගාලු පියාපත් සිසු නිර්මාණ තරඟවාලිය, සාහිත්‍ය දේශන, වැඩමුළු, කවිමඩු, විද්වත් දේශන, සුභාවිත ගී ප්‍රසංග සහ සාහිත්‍ය පශ්න විචාරාත්මක වැඩසටහන් පැවැත්වේ.

Related articles

spot_img
error: Content is protected !!