28.3 C
Galle

ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට මහ වැසි

Published:

විදුලි බලාගාර සහිත ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට තව දුරටත් මහ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙම තත්වය තව දින කිහිපයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය.

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල අද දිනයේ මිලි මීටර 75 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාර්ය භාර කාලගුණ විද්‍යාඥ පවසයි.

මේ වනවිට මාවුස්සාකැලේ සහ කාසල්රී ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබෙමින් පවතී. මස්කෙළිය, ශ්‍රී පාද අඩවිය, නල්ලතන්නිය, අප්කට්, සාමිමලේ, හැටන්, නෝර්වුඩ් සහ බගවන්තලාව යන ප්‍රදේශවලට ධාරානිපාත වැසි ලැබීම හේතුවෙන් ජල මූලාශ්‍ර රැසක් සක්‍රිය වී තිබේ.

Related articles

error: Content is protected !!