28.7 C
Galle

රටම බංකොලොත් වෙද්දී, ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි ගණනක ගනු දෙනුවක

Published:

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබිය දී මෙලෙස ගුවන් යානා මිල දී ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයතු කර තිබේ. රුසියාව සහ යුක්රේනය අතර ඇති වී තිබෙන යුද ගැටුම් හේතුවෙන් දැනටමත් ලෝකයේ ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් තම ගුවන් ගමන් රැසක් නවතා දමා තිබේ.

එමෙන් ම සංචාරක කර්මාන්තය ද කොරෝනා වසංගතයෙන් පසු යථා තත්වයට පත්ව නොමැති අතර ශ්‍රී ලංකාවේ ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් තවදුරටත් සංචාරක කර්මාන්තය බිඳ වැටෙමින් පවතී.

මෙවන් වාතාවරණයක් පැවතිය ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා සඳහා මිල ගණන් කැඳවා ඇති අතර ඔවුන් පවසන්නේ තවත් වසර 03ක කාලයක් ඇතුළත ගුවන් යානා 35ක් අලුතෙන් සේවයට යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!