29.8 C
Galle

සුපිරි වෙළෙඳ සැල් හිස් වෙයි

Published:

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක සුපිරි වෙළෙඳ සැල් පවා මේ වනවිට හිස් වෙමින් පවතී. අත්‍යාවශ්‍ය භාණ්ඩ නොමැතිවීම හේතුවෙන් ඒවායේ රාක්ක බොහොමයක් හිස්ව ඇත.

පුද්ගලික සුපිරි වෙළෙඳ සැල් ජාල කිහියක ම මේ තත්වය දැකිය හැකි අතර සතොස වෙළෙඳ සැල්වල ද අත්‍යාවශ්‍ය භාණ්ඩ නැත. තිරිඟු පිටි, කැකුළු හාල්, පරිප්පු, ලූනු, සීනි, සැමන්, තිරිඟු පිටි, කිරිපිටි ආදී කිසිවක් මෙම වෙළෙඳ සැල්වල දක්නට නැත.

ඇතැම් සතොස වෙළඳ සැල්වල පරිප්පු සහ සීනි ඇතත් ඒවා මිළ දී ගන්නේ නම් තවත් ද්‍රව්‍ය මිල දී ගත යුතු බවට කොන්දේසියක් ද පනවා තිබේ.

පා‍රිභෝගිකයන් පවසන්නේ අලුත් අවුරුදු උත්සව කාලයේ දී තමන්ට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා නොමැති විය හැකි බවයි.

(ඡායාරූපවල දැක්වෙන්නේ ගාල්ල කරාපිටියේ සුපිරි වෙළෙඳ සැළක අභ්‍යන්තරයයි)

Related articles

spot_img
error: Content is protected !!