28.7 C
Galle

අරගලයට එරෙහිව බුදු දහම ඉදිරියට දමයි

Published:

“ව්‍යාජ අරගලයට මුවා වී සිංහල බෞද්ධ ජනමතයට අත නොතබනු” යනුවෙන් සඳහන් බැනරයක් ද ඉදිරියෙන් රැගෙන යන පා ගමනක් මේ වනවිට නෙළුම් පොකුණ පරිශ්‍රයේ සිට ආරම්භ වී තිබේ.

මෙම පා ගමනේ භික්ෂූන් වහන්සේලා රැසක් ද ගමන් කරන අතර බෞද්ධ කොඩි රැගත් සුදු හැඳගත් පිරිසක් ද සිටියි.

නෙළුම් පොකුණ රඟහළ භූමිය රජයේ පාලනය යටතේ පවතින්නකි. එහි පරිශ්‍රය කිසියම් ආකාරයකට භාවිතා කරන්නේ නම් ඒ සඳහා රජයට මුදල් ගෙවිය යුතුයි. මෙම අරගලයේ යෙදෙන කණ්ඩායම මෙහෙයවන්නේ ආණ්ඩුවට සම්බන්ධ ක්‍රියාකාරිකයන් කිහිප දෙනකු විසින් බව අපගේ වාර්තාකරුවන් පවසයි.

ඔවුන් මේ වනවිට ගාලු මුවදොර දෙසට ගමන්කරන බවට අනුමාන කළ හැකි බව ද මාධ්‍යවේදීහු කියති.

Related articles

spot_img
error: Content is protected !!