27.8 C
Galle

‍ජනපතිගේ නිවස අසළ උද්ඝෝෂණයක්. වහාම ඉවත්වන්න යැයි කියති

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඔහු පදිංචි ජුබිලිකණුවේ නිවස අසළ අද (09) සවස උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

එම ස්ථානයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු රැඳී සිටින අතර ඉතාමත් සාමකාමීව පැවැත්වෙන එම උද්ඝෝෂණය සඳහා ප්‍රදේශවාසීන් විශාල වශයෙන් එකතුවෙමින් සිටින බව ද එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවෝ කියති.

හමුදා ඇඳුම් හැඳගත් කිහිප දෙනකු ද ජනාධිපතිවරයාගේ නිවසේ සිටින අතර මාර්ග බාධක කිහිපයක් ද සූදානම්ව පවතී. 

Related articles

error: Content is protected !!