32.7 C
Galle

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ් කරයි

Published:

සාමකාමී උද්ඝෝෂකයන්ට පසුගිය 09 වැනි දා මාරාන්තික ප්‍රහාර එල්ල කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන දෙදෙනා ලබන 25 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (18) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලමේන්තු රැස්වීම්වලට සහභාගීවීමට අවශ්‍ය පහසුකම් සළසා දෙන ලෙසත් ආරක්ෂාව ලබා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස්ට නියෝග කළේය.

Related articles

error: Content is protected !!