28 C
Galle

“රැකියා අහිමිවේවි. වැඩි පිරිසක් දුප්පතුන් වේවි. කන්න නැතිවේවි” – මහබැංකු අධිපති

Published:

ශ්‍රී ලංකාවේ ඇති විදේශ විනිමය සංචිතය සතියක කාලයකට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමටවත් ප්‍රමාණවත් නැතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කර තිබූ දේශනයක දී ඔහු මේ බව කියා සිටියේය.

ඒ හේතුවෙවන් ඉදිරි සති කිහිපයේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩවල දැඩි හිඟයක් ඇතිවීමට නියමිත බව ද මහබැංකු අධිපතිවරයා කීවේය.

මේ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනකුට සිය රැකියා අහිමිවිය හැකි බවත් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැඩි දෙනකු ඇද වැටෙනු ඇති බවත් හෙතෙම කීවේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලබන වසරේ දී නියමිත මාර්ගයකට ගැනීමට හැකි වුව ද ආර්ථිකය යහපත් කිරීමට නොහැකිවනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!