28.9 C
Galle

මරණාසන්නව වැටී සිටි ඇතාගේ දළ කපාගෙන ගිහින්

Published:

මරණාසන්නව වැතිර සිටි ඇතකුගේ එක් දළයක් පොරවකින් කපා ගෙන ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පශු වෛද්‍ය නිලධාරීන් පවසයි.

මෙලෙස දළයක් කපාගෙන ගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව තිත්තගෝනෑව මොරඔය කුඹරක වැටී සිටි ඇතකුගේය.

වනාන්තරයේ දී තවත් දළ ඇතකු සමඟ පොරබදා මරණාසන්නව මොරඔය කුඹුරට පැමිණ එහි වැවටී සිටි ඇතාට ‍වනජීවී නිලධාරීන් ප්‍රතිකාර ආරම්භ කර තිබේ. සති තුනක පමණ සිට මේ ඇතාට ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව ද පශු වෛද්‍යවරු කියති.

ඇතා කුඹුරේ වැටුණු පසු උඩු පැත්තට තිබුණු දළය කිසියම් අයකු විසින් පොරවකින් ගසා කපාගෙන ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!