29.2 C
Galle

යාල වනෝද්‍යානයේ සිටි විශාලත ම දළ ඇතා මියයයි

Published:

යාල ජාතික වනෝද්‍යානයේ සිටි විශාලත ම දළ ඇතා ලුණුගම්වෙහෙර ජලාශයේ මියගොස් සිටිය දී හමු වූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

“පණු කොටා” නමින් හැඳින්වූ මෙම හස්ථියා වයස අවුරුදු 40ක පමණ වූ බවත් දළ තරමක් කොට වීම හේතුනේ එම අන්වර්ථ නාමය ලැබී තිබූ බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු කීහ. මාස දෙකකට ආසන්න කාලයක් මෙම අලියා වනජීවී පශු වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබමින් සිටි බව ද දැනගන්නට ඇත.

යාල කලාප අංක 06 හැ වැඩි වශයෙන් සැරි සැරූ මේ හස්ථියා යාල වනෝද්‍යානයට යන දෙස් විදෙස් සංචාරකයන්ගේ අවදානය දිනාගත් සත්වයෙකි.

පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති පවසන්නේ මාස දෙකක පමණ කාලයක් අසනීප තත්වයකින් පසු වූ මෙම ඇතාට ප්‍රතිකාර කළ ද ජීවිතය බේරාගැනීමට නොහැකි වූ බවයි.

ලුණුගම්වෙහෙර ජලාශයේ පසුගිය 21 වැනි දා ඇතා වැටී සිටිය දී සොයාගෙන තිබිණි.

ඡායාරූපය – මදුරංග බණ්ඩාරගේ facebook පිටුවෙනි.

https://www.facebook.com/photo/?fbid=2919952468136752&set=pcb.2919952498136749

Related articles

error: Content is protected !!