28.3 C
Galle

උසස් පෙළ සිසුවකු ඇතුළු ආසාදිතයන් 30ක් කළුතරින්

Published:

බේරුවල ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ විභාගය පෙනී සිටින සිසුවකු ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ 30 දෙනකුට කොරෝනා කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා ලැබුණු බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන් 29 දෙනකු ම බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වෙයි.

පසුගිය 29 වැනි දා ලබාග්ත පීසීආර් පරීක්ෂණ 81කින් මෙම ආසාදිත පිරිස වාර්තා වී තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ විභාගය පෙනී සිටින සිසුවා අයිඩීඑච් රෝහලට යවා අනෙක් පිරිස ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යැවීමට කටයුතු කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!