28.3 C
Galle

‘මව්බිම’ පාර්ලිමේන්තු වාර්තාකරුත් අසාදිතයි.

Published:

මව්බිම පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකරුට කොරෝනා ආසාදනය වී ඇතිබව පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පසුගිය සතියේ පැවැති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන විවාදය වාර්තා කිරීමට පාර්ලිමේන්තුවට ගිය මාධ්‍යවේදීන් අතරින් කොරෝනා ආසදිත බව තහවුරු කරගත් දෙවැනි මාධ්‍යවේදියා ඔහුය.

සන්ඩේ ටයිම්ස් පාර්ලිමේන්තු වාර්තාකරුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ (30) තහවුරු වීමත් සමඟ පසුගිය 21 හා 22 දෙදින පාර්ලිමේන්තුවේ වාර්තාකරණ කටයුතු සඳහා සහභාගී වූ මාධ්‍යවේදීන්ට ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබිණි. එම දැනුම්දීම ලැබෙන තුරු මව්බිම පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකරු සිය රාජකාරී සඳහා කාර්යාලයට පැමිණ ඇති බැවින් ඔහුගේ ආශ්‍රිතන් ද පීසීආර් පරීක්සණ සඳහා යොමුකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!