26.8 C
Galle

ශ්‍රී ලංකා කණ්ඩායමේ 10 දෙනකු පැන ගිහින්

Published:

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් සාමාජිකයන් 10 දෙනකු මේ වනවිට බලධාරීන්ට නොදන්වා කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මීට දින කිහිපයකට පෙර තිදෙනකු පැන ගොස් තිබූ අතර තවත් 07 දෙනකු ඊයේ වනවිට පැන ගොස් තිබේ.

කලින් පැන ගිය ජූඩෝ ක්‍රීඩිකාව සහ පුහුණුකරු සිටින ස්ථානය පොලිසිය විසින් සොයාගෙන තිබුණ ද ඔවුන්ට දින 180 කට වීසා ලැබී ඇති ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ නැත.

Related articles

spot_img
error: Content is protected !!