27.2 C
Galle

තහනම් උත්තේජක නිසා කෙටි දුර ධාවන ශූරයා තරඟ තහනමකට

Published:

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර හිමාෂ එෂාන් තහනම් උත්තේජක භාවිතා කර ඇතැයි චෝදනාවක් හේතුවෙන් වසර 04ක තරඟ තහනමක් පනවා ඇත.

2021 වර්ෂයේ ඔක්තෝබර් 26 වැනි දා ලබාගත් මුත්‍ර සාම්පලයකින් මේ බව තහවුරු වී ඇත. ඒ හේතුවේන පසුගිය ජුනි මස 03 වැනි දා පැවැත්වූ විනය කමිටු පරීක්ෂණයකින් පසු මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජිතායතනය පවසන්නේ ඒ අනුව 2025 ඔක්තෝබර් 25 වැනි දා දක්වා මේ තහනම ක්‍රියාත්මක වන බවයි. එම කාලයේ දී සියලුම ආකාරයේ ක්‍රීඩා කටයුතු සහ පුහුණුවීම්වලින් වැළකී සිටින ලෙස හිමාෂට නියෝග කර ඇත.

මෙම තීරණයට ඔහු එකඟ නොවන්නේ නම් සති දෙකක් ඇතුළත අභියාචන කිරීමේ අවස්ථාව ද ඔහුට හිමිවෙයි.

Related articles

spot_img
error: Content is protected !!