30 C
Galle

රටේ මුදල් පාලනයේ ලොකු ම වගකීම ආචාර්ය හර්ෂ ද සිල්වාට

Published:

මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය ආචාර්ය හර්ෂ ද සිල්වා වෙත ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

මූල්‍ය පාලනය පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ විද්වතකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා සමගි ජන බලවේගය නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරයෙකි.

ඔහු මෙම තනතුරට පත්කිරීම සම්බන්ධයෙන් ‍ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් රැසකගේ විරෝධයක් එල්ල වී ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මුදල් සම්බන්ධ යම් ප්‍රතිපත්තියක්, පනතක් හෝ වෙනත් කිසියම් ආකාරයේ රාජ්‍ය මට්ටමේ තීරණයක් ගන්නේ නම් හෝ වෙනසක් කරන්නේ නම් හෝ එය මහජන මුදල් කාරක සභාවේ අනුමැතියට යටත් විය යුතුය.

මේ අනුව ශ්‍රී ලංකාවේ මුදල් පාලනයේ විශාල වගකීමක් ආචාර්ය හර්ෂ ද සිල්වා වෙ පැවරෙයි.

Related articles

error: Content is protected !!