27.1 C
Galle

මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල

Published:

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර අද (10) පස්වරුවේ හටගත් දරුණු ගැටුමකින් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

බන්ධනාගාරය තුළ ඇති වූ මත්ද්‍රව්‍ය ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනා ප්‍රථමයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, ඉන් බරපතළ තුවාල ලැබූ රැඳවියන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ 72 වන වාට්ටුව වෙත මාරු කර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාර බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!