27.1 C
Galle

අද කොටස් වෙළඳපල ඉහලට

Published:

අද (10) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,518ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,032ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 68ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,765ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව මිලියන 523
  • එලිෆන්ට් හවුස් සමාගම මිලියන 211
  • සම්පත් බැංකුව මිලියන 152

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 23
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 06
  • කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 02

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේණුක ෆුඩ්ස් එක්ස් සමාගම 11%
  • සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම 7.9%
  • සී ටී ලෑන්ඩ් සමාගම 7.1%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 405
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 354
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 337

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 116ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 789ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 673ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 40
  • හේකාබ් සමාගම රුපියල් මිලියන 09
  • ටෝකියෝ සිමෙන්ට් රුපියල් මිලියන 06

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 457
  • එයිට්කන් ස්පෙන්ස් රුපියල් මිලියන 99
  • සම්පත් බැංකුව රුපියල් මිලියන‍ 69

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!