30 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 34,940ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,157ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 65 කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,975ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 483.4
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 483.1
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 295

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 16
  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 14
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම කොටස් මිලියන 12

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බේරුවල රිසෝට් සමාගම 27%
  • පාර්ම් ගාර්ඩ්න් හෝටල් සමාගම 27%
  • ඊඩ්න් හෝටල් සමාගම 24%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම කොටස් මිලියන 02 රුපියල් 25.20 බැගින්
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් 310,000ක් රුපියල් 128.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 423
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 279
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 176

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 89ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 48 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 41ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 40
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 18
  • බොගවන්තලාව වැවිලි සමාම රුපියල් මිලියන 04

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හේලීස් එම්ජීටී  සමාගම රුපියල් මිලියන 15
  • සිලෝන් ගාර්ඩියන් සමාගම රුපියල් මිලියන 10
  • ඊඑම්එල් කන්සල්ටන් සමාගම රුපයල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!