26.8 C
Galle

දේශපාලකයන් 80ක් ඇතුළු විශාල පිරිසක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ පරීක්ෂණ

Published:

අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමතිවරු 80ක් ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතෙන් විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

හිටපු අමාත්‍යවරයකු ඇතුළු පුද්ගලයන් 40 දෙනකු අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා ලැබ සිටින අතර ඔවුන්ට එරෙහිව ද විමර්ශනයක් ආරම්භ කර තිබේ. එමෙන් ම පසුගිය ජනවාරි 01 වැනි දා සිට ජුනි 30 දක්වා ගත වූ මාස 06ක කාලයේ දී අල්ලස් ගැනීම් සම්බන්ධ වැටලීම් 22ක් සිදුකර ඇතැයි ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එහි නිලධාරීන්න පවසන්නේ ආර්ථික අර්බුදය වර්ධනය වීමත් සමඟ අල්ලස් ගැනීමේ සිද්ධීන්වල ද වැඩිවීමක් නිරීක්ෂය කළ හැකි බවයි.

Related articles

spot_img
error: Content is protected !!