26.8 C
Galle

IMF ධූත පිරිසක් යළි ලංකාවට. ගිවිසුම් ගතවීමට සහතිකයක් ඉල්ලයි

Published:

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් ඒවායේ හිමිකරුවන්ගෙන් සහතිකයක් අවශ්‍යව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ.

ආර්ථිික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවන බව තීරණය වී තිබේ. බැවින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ එය කළමනාකරණය කරගැනීම සඳහා මෙවැනි සහතිකයක් ඉල්ලයි.

ලබන 24 වැනි දා සිට 31 වැනි දා දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට මෙරට සංචාරයක නිරතවීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ‍මිදීම සඳහා කඩිනමින් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීම මේම සංචාරයේ අරමුණයි.

එම ධූත කණ්ඩායමට මසහිරෝ නොසාකි සහා පීටර් බෲවර් යන දෙදෙනා නායකත්වය දෙන බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!