26.8 C
Galle

සජිත්ගේ සොහොයුරියත් CID කැඳවයි

Published:

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස ගිනි තැබීමේ සිද්ධියට අදාලව සිදුකරන විමර්ශනයට අදාලව විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ සොහොයුරිය දුලාංජලී ප්‍රේමදාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

ඇය එදින එවකට අගමැති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිටට පැමිණ ඔහුට ඉල්ලා අස්වන්න යැයි බලකරමින් උද්ඝෝෂණයක නිරත වූ අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් තවත් පිරිස්ද එහි කැඳවා තිබූ බව පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දී ආපසු පැමිණි දුලාංජලී ප්‍රේමදාස මෙසේ කීවාය.

“එක එක අරගල තියෙනවා. එක අරගලයක් නෑ. එක එක අයට ඕන විදියට පුද්ගලිකව තමයි අරගල කළේ. මට කිව්වා විමර්ශනවලට සහය දෙන්න කියලා. මම දන්න දේ කිව්වා. ඉතාමත් සුහඳව ප්‍රකාශයක් ගත්තා. එතනින් ඉවරයි නැවත කැඳවීමක් ගැන මා දැනුම්වත් නැහැ. මට කිසිම ප්‍රශ්නයකුත් නෑ”

Related articles

spot_img
error: Content is protected !!