30 C
Galle

ජන බලයක් නැති පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ජාතික ජන බලවේගය ඉල්ලයි

Published:

පාර්ලිමේන්තුව විසුරුවනු – නව ජන බලයකට ඉඩ හදනු” යනුවෙන් ඉල්ලමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ නුගේ‍ගොඩ රැළියට අද (20) විශාල පිරිසක් සහභාගී වූහ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළින් ආරම්භ වූ පෙළපාලියකනි විශාල පිරිසක් මෙම රැළිය පැවැත්වෙන භූමියට පැමිණියහ.

එහි දී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සටියේ මේ වනවිට මේ රටේ වර්තමාන ජනමතය පාර්ලිමේන්තුවේ නියෝජනය නොවන බැවින් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජනමතයක් විමසා බැලිය යුතු බයි.

එම රැළිය සඳහා ජාතික ජන බලවේගයේ නායකයන්, වෘත්තීය සමිති නායකයන් සහ කලාකරුවන් ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් ද සහභාගී විය.

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න යැයි ඉල්ලා සිටිය ද ව්‍යවස්ථානුකූළව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ඇත්තේ මහ මැතිවරණයකින් පසු පාර්ලිමේන්තුව රැස්වී වසර දෙකහමාරකට පසුවය. නැතිනම් මන්ත්‍රීවරයකු විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සුදුසුයැයි කරනු ලබන යෝජනාවක් තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ඒ බව කතානායක විසින් ජනාධිපතිවරයාට දන්වා යැවීමේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ඇත.

කෙසේ වෙතත් යෝජිත 22 වැනි සංශෝධනයේ දී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වසුරුවා හැරීමේ හැකියාව ලැබෙන වසර දෙකහමාරක කාලය වසර 04ක් දක්වා වැඩි කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විසින් යෝජනාවක් ද කර තිබේ. එයින් ගම්‍ය වන්‍නේ එම පිරිස වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අකමැති බවයි. එසේ වුවහොත් අනුර කුමාර දිසානායකට ද මන්ත්‍රීයෝජනාවක් ගෙන හැකි වුවද එය පාර්ලමේන්තුවේ සම්මත කරගත නොහැකි වනු ඇත.

Related articles

error: Content is protected !!