30 C
Galle

චම්පික, විග්නේෂ්වරන් ඇමතිධූරවලට ? නව ඇමති මණ්ඩලය 29 දා ට පෙර

Published:

පාර්ලිමේන්තුවට විසර්ජන පනත් කෙටුම්පත ලබන 29 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට නියමිත යැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

නමුත් එය සර්ව පාක්ෂික ආණ්ඩුවක් ද නැතිනම්, ජාතික ආණ්ඩුවක් ද යන්න මෙතෙක් පැහැදිලි නැත. ඉදිරි දින කිහිපයේ දී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ නායකයන් කිහිප දෙනකු අතර සාකච්ඡා පැවැත්වෙන බවත් ඉන් පසු මේ සම්බන්ධ අවසන් තීරණය ගන්නා බවත් දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ බහුතරය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැනට සිටින ඇමතිවරුන්ට අමතරව තවත් මන්ත්‍රීවරු 07 දෙනකු සහ එක් මන්ත්‍රීවරියක් ඇමති මණ්ඩලයට පත්කිරීමට නියමිතය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් සහ 43 වැනි සේනාංකයේ පාඨලී චම්පික රණවක ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමාර වෙල්ගම ද  සර්ව පාක්ෂිික රජයක ඇමතිධූර බාර ගැනීමට කැමැත්ත පළ කර තිබේ. එමෙන් ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 06 දෙනකු ද ඇමතිධූර බාර ගැනීමට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඒ මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුට අමතරවය.

මීට අමතර   රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරු ද පත්කිරීමට නියමිතව ඇත.

Related articles

error: Content is protected !!