30 C
Galle

“සරදියෙල් ‍ගලෙන්” වැටී ‍සරසවි සහකාර උපදේශිකාවක් මියයයි

Published:

උතුවන්කන්දේ විනෝද චාරිකාවකට ගිය තරුණියක් එහි පිහිටි සරදියෙල් ගලෙන් ඇද වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමඟ එහි පැමිණ ඇති අතර ගල මත සිට අඩි 300ක් පමණ ප්‍රපාතයට වැටීමෙන් මියගොස් ඇත.  .

මෙලෙස මියගොස් ඇත්තේ විරෂ්මි කොඩිතුවක්කු නමැති ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියකි. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ අධ්‍යාපනය හදාරා එහි සහකාර කෘෂිකර්ම උපදේශිකාවක් ලෙස සේවය කර ඇත.

පොලිසිය පවසන්නේ සිසුන් 58ක් මෙලෙස අද (21) උතුවන්කන්ද ප්‍රදේශයට පැමි සිටි බවයි.

Related articles

error: Content is protected !!