27.2 C
Galle

IMF ගිවිසුමෙන් කොටස් වෙළෙඳ පොළට තල්ලුවක් ?

Published:

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මේ මස 24 වැනි දා විධායක එකඟතා ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වීමට නියමිතය. මේ පිළිබඳ ආයෝජකයන්‍ගේ විශාල අවධානයක් යොමුව ඇති අතර මේ එකඟතා ගිවිසුම අත්සන් කළහොත් කොළඹ කොටස් වෙළෙඳ පොළ අසාමාන්‍ය ලෙස ඉහළ යනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකරයති.

පසුගිය ජූලි මස 14 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පකිස්තානය විධායක මට්ටමේ එකඟතා ගිවිසුමක්  අත්සන් කර ඇති අතර ඒ හේතුව මත එදිනට පසු දිනම පකිස්තාන කොටස් වෙළෙඳ පොළ ඒකක 486ක දැවැන්ත අගයකින් ඉහළ ගියේය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 36,834ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,137ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 111 කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,087ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 595
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 327
  • ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 186

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 13
  • ප්‍රයිම් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 12
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 09

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ස්ටැ‍ෆර්ඩ් හෝටල් සමාගම ® සමාගම 146%
  • හොටෙල් සීගිරිය ® හෝටල් සමාගම 47%
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • මේලිස්ටා කොප් සමාගම කොටස් ලක්ෂ 08 රුපියල් 50.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 452
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 293
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 175

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 142ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 66ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 76ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 99
  • බලන්ගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 08
  • ලංකෙම් ‍ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 07

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප්   සමාගම රුපියල් මිලියන 39
  • සීඩබ්ලිව් මැකී සමාගම රුපියල් මිලියන 05
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපයල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!