27.2 C
Galle

ගාලු මුවදොර ප්‍රහාරයේ දී අම්බලන්ගොඩ මහජන නියෝජිතයෙක්, බේරේ වැවට තල්ලු කළා යැයි තරුණියක් අත්අඩංගුවට

Published:

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයකුට ගාලු මුවදොර මැර ප්‍රහාරය අතරතුර පහර දී මුදල් සහ දේපළ කොල්ල කා බේරේ වැවට තල්ලු කර දැමුවා යැයි සැක පිට 26 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටියේ පදිංචි තරුණියකි.

පසුගිය මැයි 09 වැනි දා නිරායුධ සාමකාමී උද්ඝෝෂකයන්ට ප්‍රාදේශීය දේශපාලකයන් ඇතුළු පිරිසක් පොළු  මුගුරු රැගෙන මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ පසු කොළඹ පදිංචිකරුවන් සහ කාර්යාල සේවකයන් පිරිසක් පැමිණ ඔවුන් පළවාහැරීමට කටයුතු කර තිබිණි.

පොලිසිය පවසන්නේ මේ ගැටුම අතරතුර අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුට සැකකාර තරුණිය පහර දී තුවාල සිදුකර මුදල් පසුම්බිය කොල්ල කා ඔහු බේරේ වැවට තල්ලුකළ බවට කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී ඇති බයි.

එම පැමිණිල්ලට අනුව සිදු කළ විමර්ශනයකින් පසු ඇය අත්අඩංගුවට ගෙන තිබේ. එම තරුණිය කොළඹ අපරාධ පරීක්ෂණ අංශයට කැඳවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

error: Content is protected !!