26.7 C
Galle

තරුණයකු කොල්ල කෑ පොලිසියේ හතරක් අත්අඩංගුවට

Published:

තරුණයකුගේ ගෙළ බැඳි රන් මාලයක් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑ පොලිසියේ සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ම කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළඹේ පොලිසියේ සැරයන්වරයකු සහ කොස්තාපල්වරු තිදෙනෙකි. ඔවුන් විසින් කොල්ලකෑමට යොදාගත් ත්‍රීරෝද රථයක් සහ කොල්ලකන ලද රන්මාලයත්, ජංගම දුරකථනයත් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

කොට්ටාව විද්‍යාල හන්දියේ දී සිය සොහොයුරියගේනිවසට යාමට පැමිණි වීරකැටියේ පදිංචි තරුණයකු මෙලෙස පසුගිය 20 වැනි දා කොල්ලකෑමට ලක්ව තිබේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි මෙම පොලිස් නිලධාරීන් සිව්දෙනා තරුණයා අසළට පැමිණ ඔහුගේ රන්මාලය සහ ජංගම දුරකථනය කොල්ල කා පලාගොස් බව ද පොලිසිය කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!