26.7 C
Galle

IMF නියෝජිතයෝ ජනාධිපති හමුවෙති

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතවරු පිරිසක් අද (24) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානි පීටර් බෘබර්, නියෝජ්‍ය ප්‍රධානි ඔසයිරෝ කොසයිකෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත ටුබැගන්ස් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙවැනි ම සාකච්ඡාවක් සිකුරාදා (26) නැවත පැවැත්මවීමට නියමිතය. මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම අවශ්‍ය තාක්ෂණික කරුණු සම්බන්ධ සාකච්ඡාවක් මහබැංකු නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර ද ඉදිරියේ පැවැත්වෙයි.

Related articles

spot_img
error: Content is protected !!