27.7 C
Galle

කොටස් වෙළඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 28,789ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,104ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 183 කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,828ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 343
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 244
  • වින්පෝර්ත් සමාගම රුපියල් මිලියන 123

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඒසියා ෂියාකා සමාගම කොටස් මිලියන 14
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාග කොටස් මිලියන 10
  • වින්ෆෝර්ත් සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සීඅයිටී සමාගම 22%
  • ශ්‍රී ලංකා හොටෙල් කෝපර්රේෂන සමාගම 13%
  • ආර්පිකෝ ෆිනෑන්ස් සමාගම 12%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • වින් ෆෝර්ත් සමාගම කොටස් මිලියන 07 රුපියල් 17.50 බැගින්
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම කොටස් 450,000ක් 93.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 414
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 268
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 170

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 115ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 65ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 50ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 30
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 11
  • ඩයලොග් සමාගම රුපියල් මිලියන 10

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 37
  • සිංගර් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 07
  • සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රියල් සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!