27.7 C
Galle

ළමයින්ට මුවා වී සිඟමන් යැදීමේ ජාවාරමක් ? කොළඹ මෙහෙයුමකින් පිරිසක් අත්අඩංගුවට

Published:

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක සිඟමන් යදින පුද්ගලයන් සොයා අද (25) පොලිසිය විශේෂ මෙහෙයුමක් සිදුකළේය.

එම මෙහෙයුමෙන් කුඩා ළමුන් 07 දෙනකු හා කාන්තාවන් 04 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර සිඟමන් යෙදීමේ නිරත වැඩි දෙනකු පළා ගොස් තිබිණි. ළමා හා කාන්තා අපයෝජන නිවරණ කර්යාංශය සහ පොලිසිය එක්ව මේ මෙයෙුම දියත් කළ අතර එහි නිලධාරී නිලධාරිනියන්ට යාචකයන් විසින් ප්‍රහාර එල්ල කරනු ල ද දක්නට ලැබිණි.

පොලිසිය පවසන්නේ කිරුළපන, රාජගිරිය, බොරැල්ල, බත්තරමුල්ල සහ දියත උයන ආශ්‍රිත ප්‍රදේශවල වර්ණන සංඥ අසළ සහ ආගමික ස්ථාන අසළ සිටින පිරිස් මෙලෙස අත්අඩංගුවට ගනීමට උත්සාහ ගැණිනි.

පොලිසිය පවසන්නේ සිඟමන් යදින පිරිස් සැබෑ දුප්පත් යාචකයන් නොවන බවත් ඔවුන් ව්‍යාපාරයක්ක ලෙස මේ ජාවාරම කරගෙන යන බවත්ය. කුඩා දරුවන්ට මත් ද්‍රව්‍ය ලබා දී ඔවුන් සිය දරුවන් ලෙස පෙන්වා මුදල් කරන යාචකයන් සිටින බව ද පොලිසිය පවසයි.

තව ද මෙම පුද්ගලයන් යාචකයන් ලෙස පෙනී සිටිමින් විවිධ ජාවාරම්වල යෙදෙන බව ද පොලිසිය සඳහන් කළේය.

පොලිස් බාරයට ගැණුනු ළමුන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට යොමුකර ඇති අතර කාන්තාවන් හෙට (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

error: Content is protected !!