27 C
Galle

නිල්වලා ගඟේ දිය නෑමට ගිය සිව් දෙනකු අතුරුදන්

Published:

පිටබැද්දර දී නිල්වලා ගඟේ දිය නෑමට ගිය හතර දෙනකු අතුරුදන්ව ඇතැයි පිටබැද්දර පොලිසිය පවසයි.

අද (26) සවස 12 දෙනකු පමණ ගල්පර සහිත බිසෝ ඇල්ල නමින් හඳුන්වන ස්ථානයේ දිය නාමින් සිටිය දී 04 දෙනකු අනතුරට පත්ව ඇත. ඔවුන් මිදිගම ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන පිරිසකි. අකුරැස්ස පෝරතොට ප්‍රදේශයේ පැවැති සාදයකට සහභාගී වීමෙන් අනතුරුව දිය නෑමට ගොස් ඇතැයි ද පැවසේ.

ඔවුන් බීමතින් සිට ඇතැයි ද පොලිසිය සදහන් කළේය.

ගම්වාසීන් සහ පොලිසිය එක්ව අතුරුදන් වූ සිව්දෙනා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!