27.7 C
Galle

දුලාංජලී ප්‍රේමදාස රටින් පිටව යයි

Published:

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවස ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවට කැඳවූ දුලාංජලී ප්‍රේමදාස (ජයකොඩි) ඊයේ (26) ශ්‍රී ලංකාවෙන් බැහැරව ගොස් ඇතැයි වාර්තා වේ.

ඇය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරියයි.

රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනි තැබීමට මොහොතකට පෙර රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් එම නිවස ඉදිරිපිටට වී විවිධ ප්‍රකාශ නිකුත් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 20 වැනි දා ප්‍රකාශයක්  සටහන් කරගෙන තිබිණි.

ඇය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 505 දරන ගුවන් යානයෙන් ‍ගොස් ඇති බවත් ඇය සමග ඇගේ දරුවන්ට රටින් බැහරව ගිය බවත් ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

error: Content is protected !!