27.1 C
Galle

පෙම්වතා නිල්වලා ග‍ෙඟේ අතුරුදන්වූ දුකට පෙම්වතියත් ගඟට පැන දිවි නසා ගනී

Published:

බීමත්ව නිල්වලා ගඟේ දිය නෑමට ගොස් ඊයේ (26) සවස මියගිය පුද්ගලයන් 04 දෙනාගෙන් එක් තරුණයකුගේ පෙම්වතිය බව කියන තරුණියක් ද කිරම ආර ඔයට පැන දිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.

මෙලෙස දිවි නසාගෙන ඇත්තේ කඹුරුපිටිය රන්සෑගොඩ ප්‍රදේශ‍යේ පදිංචි, අශානි හංසිකා 20 හැවිරදි තරුණියකි.

පුද්ගලයකු සියදිවි නසා ගැනීමට බලපාන ප්‍රධානතම හේතුවක් බලාපොරොත්තු සුන් වීම, කලකිරීම සමඟ ඇතිවන දැඩි ආතතියයි. ‍ඉච්ඡාභංගත්වය සමග බිය හා කෝපය යන ආවේගයන් පැමිණි විට එවැනි පුද්ගලයන් තමන්ගෙන් පළිගැනීමට පෙළඹේ. එමෙන්ම කෙනකු තුළ ඇතිවන අධික ලැජ්ජා සහගත ස්වභාවය සහ දුක හේතුවෙන් ද දිවිනසා ගැනීමට පෙළඹේ. මානසික රෝග අතර දිවිනසා ගැනීම කෙරෙහි ප‍්‍රබල වශයෙන්ම බලපානු ලබන රෝගය වනුයේ විෂාද  (Depression) තත්ත්වයයි. සමීපතමයකුගේ හදිසි වියෝවක් සිදුවීම වැනි සාධක හේතුවෙන් මෙම විෂාද තත්ත්වය ඇති වේ. එබැවින් බොහෝදුරට දිවිනසා ගැනීම් සඳහා විෂාද තත්ත්වය හේතු වන බව පැහැදිලි වේ.

Related articles

spot_img
error: Content is protected !!