27.7 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 20,476ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,248ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 60 කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,732ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 244
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 153
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 40

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාග කොටස් මිලියන 3.9
  • ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 3.6
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 3.3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • ඊස්ටන් මර්චන්ට් සමාගම සමාගම 20%
  • හැටන් ප්ලාන්ටේෂන් සමාගම 18%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 418
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 259
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 170

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 115ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 56ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 59ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 102
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 03
  • බීපීපීඑල් සමාගම රුපියල් මිලියන 01

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 17
  • බොගවන්තලාව වැවිලි සමාගම රුපියල් මිලියන 06
  • මස්කෙළිය වැවිලි සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!