27.1 C
Galle

බිත්තර යළිි ගණන් උස්සයි

Published:

බිත්තරයක පාලන මිල ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

මෙතෙක් බිත්තරයක උපරිම සිල්ලර මිල පාලනය කර තිබුණේ සුදු බිත්රයක් රුපියල් 43.00ක් සහ දුඹුරු බිත්තරයක් රුපියල් 45.00ක් ලෙසිනි.

නමුත් බිත්තර ‍නිෂ්පාදකයන් දිගින් දිගටම කියා සිටියේ රජය පනවා ඇති පාලන මිලට බිත්තර අළෙවි කළ නොහැකි බවයි. වෙළෙඳ අමාත්‍යාංශය පාලන මිල සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබුණ ද පාලන මිලට බිත්තර අළෙවියක් සිදුවූයේ නැත.

ඒ අනුව නිෂ්පාදකයන්ගේ ඉල්ලීම් සළකා බලා බිත්තරවල පාලන මිල රුපියල් 50.00 දක්වා වැඩිකිරීමට රජය තීරණය කර තිබේ.

මෙවැනි පාලන මිලක් නියම කිරීටම පෙර බිත්තරයක් රුපියල් 60.00 වඩා වැඩි මිලකට අළෙවි කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!