28 C
Galle

බස් – ලොරි අනතුරින් අයෙක් මරුට

Published:

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දී අද (30) උදෑසන පුදගලික බස් රථයක් සහ ලොරියක් ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බසයක් ගාල්ල සමුද්‍ර මාවත කොටසේ දී මෙසෙ අනතුරට ලක්ව තිබිණි.

පොලිසිය පවසන්නේ බස් රථයේ රියදුරා අනතුරින් මියගොස් ඇති බවයි. සිදුවූ අනතුර හේතුවෙන් ලොරි රථයට වැඩි හානියක් සිදුව ඇතත් බසයේ සවිකර තිබූ අමතර ලෝහ පටි කිහිපයක් රියදුරාගේ සිරුරේ වැදීමෙන් ඔහු මියයන්නට ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබූ තවත් පුද්ගලයන් කිහිප දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

බස් රථ රියදුරාගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (30) සිදුකිරීමට නියමිතය.

Related articles

error: Content is protected !!